Update: අඛණ්ඩව ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් දේශපාලනයේ නිරතවනවා. කුමාර් ගුණරත්නම්.

Thursday, 01 January 2015 - 8:08

Update%3A+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

විකල්ප වාමාංශික මාවතක් ගොඩනැගිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් දිවයිනට පැමිණියේ අද අලූයමයි. රටින් පිටුවහල් කර සිටි කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් වන දඩ මුදල ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවා දැමීමෙන් පසුවයි ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකියාව ලැබුණේ.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වෙමින් කුමාර් ගුණරත්නම් තවදුරටත් කියා සිටියේ අඛණ්ඩව ශ්‍රී ලංකාව තුළ රැඳෙමින් තම වාමාංශික දේශපාලන ව්‍යාපාරය දියත් කරන බවයි.



Update: Thursday, 01 January 2015 - 07:07 PM
-----------------------------------------------------------

පිටුවහල් කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් දිවයිනට.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද (01) අලූයම 12.15 ට පමණ දිවයිනට පැමිණ තිබෙනවා. රටින් පිටුවහල් කර සිටි කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් වන දඩ මුදල ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවා දැමූ බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ. මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ වීසා කල් ඉකුත්වීමෙන් අනතුරුව ද මෙරට රැඳී සිටීම හේතුවෙන් කුමාර් ගුණරත්නම්ට දඩ නියම කෙරුණා. එහිදී ඔහු පෙනී සිටියේ නොයෙල් මුදලිගේ යන නමින්  ඕස්ට්‍රේලියානු රජය නිකුත් කළ ගමන් බලපත්‍රයකින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories