උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ - මෛත්‍රී.

Friday, 02 January 2015 - 7:43

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.
තම පාලනයක් යටතේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවට සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍යයක් බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ ඊයේ (01) පැවති උත්සවයකදී පොදු අපේක්ෂකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දෙමළ සහ මුස්ලිම්, දේශපාලන පක්ෂ තමාට සහය දැක්වීමත් සමඟ මෙවැනි බොරු ප්‍රචාර නිර්මාණය වී ඇති බවයි.

මේ අතර, කටාන ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ වර්තමානයේ මෙරට මධ්‍යම පංතිය දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි. මෛත්‍රී පාලනයක් යටතේ ඔවුන් එම පීඩනයෙන් මුදවාලීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories