අපි ප්‍රතිඵල පෙන්නුම් කළා - ජනපති.

Friday, 02 January 2015 - 7:48

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
වසර 30 ක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට හැකිවූයේ රට තුළ යහපාලනයක් තිබූ නිසා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ (01) පැවති උත්සවයකදී ජනාධිපතිවරයා කියා සිටියේ යහපාලනය මැනිය යුත්තේ එහි ප්‍රතිඵලයෙන් බවයි.

මේ අතර, මහනුවර - රිදීමාලියැද්ද ප්‍රදේශයේ පැවති තවත් ජනහමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එක්සත් කළ රට තුළ ලොව දිනන දරුවෙකු බිහිකිරීම තම අරමුණ බවයි.

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මහනුවර දළඳා සමිඳුන් වැඳ පුදාගෙන නව වසරට ආශිර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories