එච්.එන්.ඩී.ඒ. සිසුන්ගෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කල් ඉල්ලයි.

Saturday, 03 January 2015 - 8:13

%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%A9%E0%B7%93.%E0%B6%92.+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධයෙන් පැන නැගී ඇති උපාධි සමානතා ගැටළුව පිළිබදව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ සිසුන් අතර ඊයේ (02) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වුණා. එහිදී අමාත්‍යාංශ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ගැටළු විසදා ගැනීම සඳහා කාලයක් අවශ්‍ය බවයි.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව කප්පාදු කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් එම පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය 22 වන දා විරෝධතාවක් පැවැත්වුවා. ඊට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල වුණා.

පසුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගැටළුව විසදා ගැනීම සඳහා කමිටුවක් පත් කළ අතර එහි කමිටු සාමාජිකයන් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් මෙන්ම ශිෂ්‍ය නියෝජිතයන් 5 දෙනෙකු ද නම් කරනු ලැබුවා. ඒ අනුවයි ඊයේ (02) පස්වරුවේ ඊට අදාළ කමිටු සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පැවැත්වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories