විදේශ අමාත්‍යාංශය යුරෝපා සංගමයට ඡන්ද ගැන කියයි.

Saturday, 03 January 2015 - 8:41

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ශ්‍රී ලංකාවේ ස්වාධීන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් රටවල බලපෑමක් අනවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඒ, ඊට අදාළව යුරෝපා සංගමය ඊයේ (02) නිකුත් කර තිබූ නිවේදනයකට ප්‍රතිචාර දක්වමින්. ඉදිරි ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පැවැත්විය යුතු බව යුරෝපා සංගමය ඊයේ ප්‍රකාශ කර තිබුණා. ඡන්ද දායකයන් සියල්ලන්ට තමන් කැමති අපේක්ෂකයෙකුට ඡුන්දය භාවිත කිරීමට ඉඩ හිමිවිය යුතු බවයි එමඟින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අතීතයේ පටන් සාමකාමී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමවේදයක් පැවති බවයි. ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරයෙකු එම කටයුතු මෙහෙය වන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා. දේශීය මැතිවරණ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකන්යගේ විෂය සීමාවට ඇතුළත්වන කරුණක් නොවේ. යුරෝපා සංගමයේ මෙරට නියෝජිත ප්‍රධානියා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය, ඊට ඔවුන්ගේ මැදිහත්වීමක් සළකුණු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories