ප්‍රචණ්ඩ ක්‍රියාවලට 130 ක් දැලේ.

Saturday, 03 January 2015 - 19:12

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+130+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු ආසියානු මැතිවරණ බලධාරින්ගේ සංසදය සහ දකුණු ආසියාතික මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නිරීක්ෂකයින් 55 දෙනෙකු අද (03) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මුණ ගැසුණා. මෙහිදී මැතිවරණ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නිරත වූ බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ. පසුගිය දෙසැම්බර් මස 07 වන දින දිවයිනට පැමිණි මෙම ජාත්‍යන්තර නිරීක්ෂකයන් පිරිස ලබන 11 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. මේ වනවිට එම නිරීක්ෂකයින් නිරීක්ෂණ කටයුතු සිදුකරන දිස්ත්‍රික්ක පිළිබඳ ඔවුන් වෙත දැනුම් දී ඇති බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ගත වූ පැය 24 තුළ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සිද්ධීන් 15 ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. අනුරාධපුර, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් මෙම සිද්ධීන් වාර්තා වී ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සහ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිද්ධීන් 245ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. එමෙන්ම, මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 130 ක්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories