දෙමළ සන්ධානයේ තීරණයට පිටුපාන අයට එරෙහිව විනය ක්‍රියමාර්ග. සම්බන්ධන්.

Sunday, 04 January 2015 - 7:53

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A.
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානය ගනු ලැබූ තීරණය ඒකමතික සහ ස්ථීරසාර තීන්දුවක් බව එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසනවා. දෙමළ සන්ධානයේ ඇතැම් සාමාජිකයන් එම තීරණයට එරෙහිව කටයුතු කරන බවට පසුගියදා තොරතුරු වාර්තාවුණා. විශේෂයෙන් උතුර පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිධරන්ට ඒ පිළිබඳ චෝදනා එල්ලවී තිබුණා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව පියවර ගන්නා බවයි. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාට උපදෙස් ලබාදුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීමේ පක්ෂ තීරණයට එරෙහිව කටයුතු කරන අය සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා බවට පක්ෂ ලේකම්වරයා තමාට සහතික වූ බවයි පක්ෂ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories