ආණ්ඩුවේ පරාජය වැළකිය නොහැකි බව ජවිපෙ කියයි.

Sunday, 04 January 2015 - 12:47

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා තවත් ඉතිරිව ඇත්තේ දින එකහමාරකට අඩු කාලයක්. ජනාධිපතිවරණය ආසන්නවත්ම මැතිවරණ වේදිකාවද උණුසුම් වී තිබෙනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී දෙපාර්ශවයෙන්ම එවැනි උනුසුම් අදහස් ප්‍රකාශ කිරිමක් දක්නට ලැබුණා.

ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ ජනාධිපතිවරණය කෙසේ හෝ ජයගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කිරීම හුදු ප්‍රලාපයක් බවයි.

මේ අතර ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේ මූලික ගැටළුවලට ඔවුන්ගේ විසඳුම් මොනවාද යන්නයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර කියා සිටියේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සහතික බවයි.

කොළොන්නාව - සේදවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ප්‍රකාශ කළේ රටේ පොදු ජනතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සැමවිටම සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories