Update: නේවාසික රෝගියෙක් උඩුමහලින් බිමට පැන දිවි නසා ගනී.

Sunday, 04 January 2015 - 16:19

Update%3A+%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නේවාසික රෝගියෙකු එම වාට්ටු සංකීර්ණයේ උඩුමහලින් බිමට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඇදුම රෝගය සඳහා අදාළ පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ 61 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියා. පසුව අද (04) උදෑසන එම පුද්ගලයා උඩුමහලින් බිමට පැන සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මිය ගිය පුද්ගලයා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Update: Sunday, 04 January 2015 - 06:55 PM
----------------------------------------------------------
නේවාසික රෝගියෙකු උඩුමහලින් පැන සිය දිවි නසා ගනී.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නේවාසික රෝගියෙකු එම වාට්ටු සංකීර්ණයේ උඩුමහලින් බිමට පැන සිය දිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසනවා. ඇදුම රෝගය සඳහා අදාළ පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ 61 වාට්ටුවේ ප්‍රතිකාර ලබමිනුයි සිට ඇත්තේ. පසුව අද (04) උදෑසන එම පුද්ගලයා උඩුමහලින් බිමට පැන සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මිය ගිය පුද්ගලයා මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories