ඩයස්පෝරාව සමඟ ගනුදෙනු කරන්නේ ආණ්ඩුවයි. -පොදු අපේක්ෂක මෛත්‍රී.

Monday, 05 January 2015 - 19:05

%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.+-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත කාරුණික ආයාචනයක් ඉදිරිපත් කළා. ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති මෙන්ම විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, සිවිල් ආරක්ෂක බලකායේ අණ දෙන නිලධාරී ඇතුළු සෙසු නිළයන් වෙතයි මෙම ආයාචනය සිදුකර ඇත්තේ. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන එහිදී ඉල්ලා සිටියේ අවනීතියට එරෙහිව නීතිගරුකව සහ මහජනහිතශීලීව රාජකාරිය සිදුකරන ලෙසයි. පොදු ජන අභිලාශය මුදුන්පත් කිරීමට තම කණ්ඩායම කැප වී සිටින බව ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා. මේ සද් ව්‍යායාමයට අකුල් හෙලීමට  ඕනෑම නීතිවිරෝධී ක්‍රියාවක් කිරීමට රාජපාක්ෂික පිරිස් සූදානම්වුව ද ආරක්ෂක අංශ සාමාජිකයින් එවැනි ක්‍රියාමාර්ගවලට එළඹීම සුදුසු නොවන බව ද පොදු අපේක්ෂකවරයා ප්‍රකාශ කළා.

මේ අතර, විපක්ෂ නායක කාර්යාලයේ අද (05) පැවැති මාධ්‍ය හමුවේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මෛත්‍රී පාලනය යටතේ රට බෙදිය හැකි බවට ආණ්ඩුව ව්‍යාජ මතයක් පතුරුවමින් සිටින බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දෙමළ ඩයස්පෝරාව සමඟ ගනුදෙනු කරන්නේ ආණ්ඩුව බවයි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙරට මැතිවරණ යාන්ත්‍රණය සහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇති බවට තමන් තුළ විශ්වාසයක් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories