ඊළාම්වාදීන්ට හිස එසවීමට ඉඩ ලබා දෙන්නේ නැහැ - පොදු අපේක්ෂක මෛත්‍රීපාල.

Tuesday, 06 January 2015 - 8:58

%E0%B6%8A%E0%B7%85%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD.
රට බෙදීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව තමා දකුණේදී මෙන්ම උතුරේදී ද ප්‍රකාශ කළ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසනවා. උතුරේ හමුදා ඉවත් නොකරන අතර යුද්ධයක් නැවත ඇතිවීමට හෝ බෙදුම්වාදීන්ට හිස එසවීමට හෝ මෛත්‍රී පාලනයක් යටතේ කිසිසේත් ඉඩක් නොලැබෙන බවයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගාල්ල කොටු පවුර ඉදිරිපිට ඊයේ (05) පැවති ජන රැළියට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ. රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා යුද්ධය දිනූ ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු ජෙනරාල්වරුන්ගේ එකමුතුවෙන් නව ජාතික ආරක්ෂක මණ්ඩලයක්  පිහිටුවන බව ද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

ගාල්ලේ ඊයේ පැවැති ජන රැළියේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෙනසක් උදෙසා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවන ලෙසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට එක්වන බවට  ඊයේ දිනයේ විශාල රාවයක් පැතිර ගියා. එහෙත් දෙවිනුවර ඊයේ පැවැති ජන රැළියකදී ඒ සම්බන්ධයෙන් පැවැති සැකය සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා දුරු කළේ මෙලෙසින්.

21 වන සියවසේ පසුවන අප ජනවාරි 8 වන දා නැකැත්කරුවන් ද පරාජය කළ යුතු බවයි ගල්කිස්සේ දී ඊයේ තම අවසන් ප්‍රචාරක රැළියට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories