නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න -බෑන් කී මූන්.

Tuesday, 06 January 2015 - 11:26

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A.
ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සිද්ධීන් සම්බන්ධයෙන් තමන් දැනුවත්ව සිටින බව ජගත් සංවිධානය පවසනවා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ (05) පැවැති දෛනික මාධ්‍ය හමුවේදී මහලේකම් බෑන් කී මූන්ගේ ප්‍රකාශකයා සදහන් කළේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මහලේකම්වරයා මීට පෙර පළ කළ අදහස් තවදුරටත් අදාළ වන බවයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණය සාමකාමී සහ විශ්වසනීයත්වයෙන් යුත් මැතිවරණයක් වනු ඇතැයි තමා බලවත් ලෙස අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මීට පෙර සදහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියට, දේශපාලන සංවාදයට සහ වගවීම් ක්‍රියාවලිය සඳහා ජගත් සංවිධානය අඛණ්ඩව සහාය වන බවයි විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් අමතා ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙරට සුළු ජන කොටස් ඇතුළු සියලූ ඡන්දදායකයන්ට බියකින් තොරව ඡන්දය පාවිච්චි කිරීම සඳහා වාතාවරණයක් ඇති කිරීම වැදගත් වන බවයි.

මහලේකම්වරයාගේ ඇමතුමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට අදාළව සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඊයේ පැවැති දෛනික මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයක් යොමු වුණා. විශේෂයෙන් පොදු අපේක්ෂක වේදිකාවකට ගල් ගැසීමේ සහ වෙඩි තැබීමේ සිද්ධීන් පිළිබදව ද මහලේකම්වරයාගේ ප්‍රකාශකයාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියා. ඊට පිළිතුරු ලෙස මහලේකම් බෑන් කී මූන්ගේ ප්‍රකාශකයා සඳහන් කළේ මහලේකම්වරයාගේ ප්‍රකාශයේ වැදගත්කම එමගින් පිළිබිඹු වන බවයි. සුළු ජාතීන් ඇතුළු සියලූ කොටස්වලට ඡන්දය ප්‍රකාශ කිරීමේ පුළුල් අවස්ථාවක් සහිතව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාමකාමී අන්දමින් පවත්වනු දැකීම මහලේකම්වරයාගේ අපේක්ෂාව බව ඔහු අවධාරණය කළා.

මේ අතර, ජනාධිපතිවරණය නිදහස්, සාධාරණ, සාමකාමී සහ අපක්ෂපාතී අන්දමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන්, මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලිස්පතිවරයා වෙත ඊයේ ලිපියක් යොමු කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories