මැතිවරණ පැමිණිලි 1,185 යි. 150 දෙනෙකු අත්අඩංගුවට.

Tuesday, 06 January 2015 - 19:13

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+1%2C185+%E0%B6%BA%E0%B7%92.+150+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටින විදේශීය නියෝජිතයන් අද උතුර පළාතෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි තැපැල් ඡන්ද මධ්‍යස්ථානයද නිරීක්ෂණය කළ ඔවුන් අනතුරුව මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකටද සහභාගි වුණා. ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නියෝජිතයින් 35 දෙනෙකු දැනට දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර, මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ පැමිණිලි ඒකකය වෙත මැතිවරණ නිතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1,185 ක් අද වනවිට වාර්තා වී තිබුණා. පැෆ්රල් සංවිධානයටද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ සිද්ධීන් 965 ක් වාර්තා වී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. සහකාර තේරීම් භාර නිලධාරීවරයෙකුට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් අදත් තම සංවිධානය වෙත තොරතුරු වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එහි ප්‍රධාන සම්බන්ධීකාරක ඞී.එම්. දිසානායක සඳහන් කළේ පූර්ව මැතිවරණ ප්‍රචාරක සමය අවසන් වනවිට සිද්ධීන් 420 ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අමතර කාලයක් ලෙස අද පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය ලබාදුන් බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස සඳහන් කළා. සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව නොලැබුණු බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙලෙස අමතර කාලයක් ලබාදුන් බවයි අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත්, අනුරාධපුර ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයින් තිදෙනෙකුගේ තැපැල් ඡුන්ද වෙනත් පුද්ගලයින් විසින් දමා ඇති බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අද දිනයේදී පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එහි සහකාර මැතිවරණ කොමසාරිස් එස්. මාධව සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories