ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇරඹේ.

Tuesday, 06 January 2015 - 19:14

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ වුණා. ඊට අදාළ උපදෙස් ග්‍රාම නිලධාරීවරුන්ට ලබාදී ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ.

ඒ අනුව පාසල් කාලය නිමවීමෙන් පසුව අදාළ කටයුතු සූදානම් කිරීම ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදුන් බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

මැතිවරණ රාජකාරී සඳහා ලක්ෂ දෙකකට ආසන්න රාජ්‍ය සේවකයන් පිරිසක් යොදා ඇති බවද අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඡන්ද විමසීමට අදාළව ඡුන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන යාම අද උදෑසන ආරම්භ වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories