2014 මත්ද්‍රව්‍ය චූදිතයන් 23,100 ක් අල්ලයි.

Wednesday, 07 January 2015 - 7:41

2014+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A0%E0%B7%96%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+23%2C100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
ගතවූ වසර 30 ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැඩිම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය වසරේදී බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ සැකකරුවන් විසිතුන් දහස් එකසිය දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 2014 වර්ෂය තුළ පමණක් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 313 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊට අමතරව, ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුගේ දේපොල රාජසන්තක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories