Update: ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අවසන්. ඡන්දෙටත් සියල්ල සූදානම්.

Wednesday, 07 January 2015 - 10:19

Update%3A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීම හෙට උදෑසන 7 ට ආරම්භ වනවා. ඡන්ද දායකයන් එක්කෝටි 50 ලක්ෂ 44 දහස් 490 දෙනෙකු දිවයිනේ මධ්‍යස්ථාන 12 314 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. අනතුරුව හෙට දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පෙරහුරුද පැවති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. හෙට උදෑසන 7 ට ඡන්ද විමසීම ආරම්භ කිරීමට දැනටමත් සියලූ කටයුතු සූදානම් බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අද සිදුවූ ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු සහ පෙරහුරු පිළිබඳ තොරතුරු දැනගැනීමට අප මුලින්ම සම්බන්ධ කරගත්තේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කමල් පද්මසිරි. ඡන්ද මධ්‍යස්ථාන 1076 ක් වෙත කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට අද ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බව ඔහු සඳහන් කළා.



Update: Wednesday, 07 January 2015 - 07:27 PM
-------------------------------------------------
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අවසන්.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වනවිට අවසන් වී ඇතැයි අදාළ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීවරුන් ප්‍රකාශ කළා. හෙට දිනයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පෙරහුරුද සිදුකළ බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. හෙට උදෑසන 7 ට ඡන්ද විමසීම ආරම්භ කිරීමට දැනටමත් සියලූ කටයුතු සූදානම් බව තේරීම් භාර නිලධාරීවරුන් වැඩිදුරටත් කියා සිටියා.

Update: Wednesday, 07 January 2015 - 05:13 PM
-------------------------------------------------
මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ.

ජනාධිපතිවරණයට අදාළව බෙදා හැරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි රැගෙන යාමේ කටයුතු අද (07) උදෑසන ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන ප්‍රධානීන් පත් කිරීම ද ඊට සමගාමීව සිදුකෙරුණේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන්ගේ අධීක්ෂණයෙන්. අනෙකුත් නිලධාරින්ට නියමිත ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳව මීට පෙර ලිඛිතව දැනුම්දී තිබුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කමල් පද්මසිරි කියා සිටියේ උදෑසන සිටම සාර්ථක ලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදුකළ බවයි.

කළුතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි යූ.ඞී.සී.ජයලාල් ද කිසිදු ගැටලූවකින් තොරව එම කටයුතු සිදුවූ බව සඳහන් කළා. නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ඞී.පී.ජී.කුමාරසිරි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි මේජර් ජනරාල් ටී.ටී.ආර්.සිල්වා, වව්නියාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි බන්දුල හරිස්චන්ද්‍ර, පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි මෙන්ම කෑගල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි තුසිත පරාක්‍රම වනිගසිංහ ද සඳහන් කළේ ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු ගැටලූවකින් තොරව සිදුවූ බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු ද  අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එම කටයුතු ප්‍රමාද වුණේ ශ්‍රී ලංගම බස් රියදුරන් ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීම හේතුවෙන්. තමන්ට ආහාර සඳහා දීමනාවක් නොව ඍජුවම ආහාර ලබාදෙන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටියා. පසුව, එම රියදුරන්ට ආහාර ලබාදී ඇති අතර අනතුරුව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සිදුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories