Update: කහවත්තේදී වෙඩි කෑ පුද්ගලයෙකු මියයයි.

Wednesday, 07 January 2015 - 16:11

Update%3A+%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%91+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
රත්නපුර - කහවත්ත ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට අදාළ සැරසිලි කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද පස්වරුවේ මියගොස් තිබෙනවා. රත්නපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දින 3 ක් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ කහවත්ත - වැල්අඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභා මන්ත්‍රි අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු දිනේෂ් ලක්මාල් පෙරේරා පසුගිය 5 වැනිදා පොලීසියට නියෝග කළා. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.



Update: Wednesday, 07 January 2015 - 07:23 PM
---------------------------------------------------
කහවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි අයෙකු මියයයි.

රත්නපුර - කහවත්ත ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට අදාළ සැරසිලි කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද පස්වරුවේ මියගොස් තිබෙනවා. රත්නපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දින 3 ක් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories