බාධා කළහොත් පොලීසියෙන් උපරිම බලය. ඡන්දය ශූන්‍ය කිරීමටත් පසුබට වන්නේ නැහැ. මැ.කො.

Wednesday, 07 January 2015 - 19:37

%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA.+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%81%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.
ඡන්ද දායකයෙකු හෝ ඡන්දපොල නියෝජිතයෙකු වැළැක්වීමට කිසිවෙකු උත්සාහ කළහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය ශූන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද අවධාරණය කළා. ඔහු කියා සිටියේ ඡන්දපොලකට පැමිණ කිසියම් අයෙක් බාධාවක් කළහොත් උපරිම බලය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දී ඇති බවයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකි බවට තමන්ට සියයට සියයක් ස්ථීරවම කිව හැකි බවද ඔහු කියා සිටියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදියි.

ඡන්ද දායකයින් ඡන්දය භාවිතා කිරීමේදී ජාතික හැඳුනුම්පත හෝ තාවකාලික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු වනවා.

මේ දිනවල ව්‍යාජ ඡන්ද පත්‍රිකාවක් සංසරණය වන බව අනාවරණ කළ ඔහු ඡන්ද ලකුණු සහ අපේක්ෂකයන්ගේ නම් සහිත නිවැරදි ඡන්ද පත්‍රිකාව අද පුවත්පත් හරහා ප්‍රසිද්ධ කළ බවද කියා සිටියා.

අද (07) සහ හෙට (06) දිනවලදීවත් ආපදා ආධාර නොබෙදා සිටින ලෙසයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.

සියලූ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ලැබෙන තුරු සහ ඡන්ද මධ්‍යස්ථානවල කලබලයක් නොමැති බවට තහවුරු වන තුරු ඡන්ද ගණන් කිරීම ආරම්භ නොකිරීමට අද තීරණය කළ බවද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා. ඡන්දය වැළැක්වීමට කිසිවෙකු හෝ උත්සාහ ගතහොත් ඡන්දය ශූන්‍ය කරන බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණ කොමසාරිස්වරයාට ආතතිය පවතීද යන්න මාධ්‍යවේදියෙක් කළ විමසීමට ඔහුගේ පිළිතුර වූයේ  තමන්ට එවැනි ආතතියක් නොමැති බවයි.

ඡන්ද පොලකට පැමිණ බාධා කිරීමක් සිදුකළහොත් පොලිසිය උපරිම බලය යොදන ආකාරය බලාගත හැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories