පොදු අපේක්ෂකයාට උතුරෙන් කැපී පෙනෙන වැඩි ඡන්දයක්.

Friday, 09 January 2015 - 7:58

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
මෙවර ජනාධිපතිවරණයේ උතුරේ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවතීම කැපී පෙනෙන ලක්ෂණයක්. 2010 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කර තිබුණේ 25.66% ක් වූවත්, මෙවර එය 61% ඉක්ම වනවා. වන්නි දිස්ත්‍රික්කයේ මෙවර 70% ක ඡන්ද ප්‍රතිශතයක් භාවිත වී ඇති අතර, 2010 ජනාධිපතිවරණයේදී භාවිත වී තිබුණේ 40.33% ක ප්‍රතිශතයක් පමණයි.

මීට අමතරව උතුරේ ආසන මට්ටමේ ප්‍රතිඵල අනුවද කැපී පෙනෙන වෙනස්කම් දක්නට ලැබෙනවා. කයිට්ස් දූපත හැර ප්‍රතිඵල නිකුත්වූ අනෙක් ආසනවල පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට හිමිවූ ඡන්ද ප්‍රතිශතය සියයට 65 ඉක්මවා තිබෙනවා. 2010 දී කයිට්ස් දූපත ජයගත් මහින්ද රාජපක්ෂ ජනාධීපතිවරයාට මෙවර එම ජයග්‍රහණය අහිමි වුණා. 2010 දී උතුරේ අනෙක් ආසන ප්‍රතිවාදී අපේක්ෂක සරත් ෆොන්සේකා ජයගත් අතර මෙවර ද ප්‍රතිවාදිී අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ඒවා ජයග්‍රහණය කළා. එහෙත් කැපී පෙනෙන වෙනස්කම වන්නේ මෙවර පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රමාණය හා සසඳන විට ඉහළ පරතරයකින්.

ත්‍රිකුණාමලය - මුතූර් ආසනය 2010 දී මෙන්ම මෙවරද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදියා ජයග්‍රහණය කළා. එහෙත් මෙවර එම ජයග්‍රහණය පොදු අපේක්ෂකයාට හිමිවන්නේ ඉහළ ඡන්ද පරතරයකින් වීම විශේෂත්වයක්. කෙසේ වුවත් සේරුවිල ආසනයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පරාජය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග්‍රහණය කිරීමද විශේෂත්වයක් වනවා. ඒ මෛත්‍රිපාල සිරිසේන හට සහය පළ කරමින් ආණ්ඩුවෙන් ඉවත්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධනගේ ආසනය වීම හේතුවෙන්. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ලෙසයි සැළකෙන්නේ.

කෙසේ වෙතත් 2010 දී මෙන්ම මෙවරද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දකුණේ හම්බන්තොට, තිස්සමහාරාමය, බෙලිඅත්ත සහ මුල්කිරිගල යන ආසන විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර තිබෙනවා.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේද මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයන් රැසක් දක්නට ලැබෙනවා. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට ප්‍රතිඵල නිකුත්ව ඇති ආසන සියල්ලේම ජය, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන හිමිකර ගැනීමයි. 2010 ජනාධිපතිවරණයේදී මෙම ආසන සියල්ල ජයගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories