පාප් වහන්සේගේ ගමන ස්ථීරයි.

Saturday, 10 January 2015 - 8:52

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
ලබන 13 සිට 15 දක්වා සිදුවීමට නියමිත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය කිසිදු වෙනසකින් තොරව සැලසුම් කර ඇති ආකාරයෙන්ම සිදුවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ස්ථීර කළා. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ලංකා ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමටත්, ඒ සඳහා සැලසුම් කර සියලූ දේ එලෙසින්ම සිදුකිරීමට අඛණ්ඩ කැපවීමෙන් කටයුතු කිරීමටත්, රජයේ සියලූ ආයතන සහ  නව ජනාධිපතිවරයා තමන් වහන්සේට පොරොන්දුවක් ලබාදුන් බවයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටින්නේ.

ජනාධිපතිවරණය අවසන්ව නව ජනාධිපතිවරයෙකු පත්ව ඇති මේ මොහොතේ සන්සුන්ව සහ සාමකාමීව සිටීමෙන් ශුද්ධෝත්තම පියතුමන්ගේ ලංකා සංචාරය සාර්ථක කර ගැනීමට සහය දක්වන ලෙස අතිඋතුම් කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකීය ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි පාප් වහන්සේගේ ලංකාගමන පිළිබඳ මාධ්‍ය හා තොරතුරු කාර්යාංශය ප්‍රකාශ කළේ.

ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් ලබන 14 වන දා ගාලූමුවදොර පිටියේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට සහභාගිවීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව උදෙසා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. බණ්ඩාරවෙල, යාපනය, මහනුවර, පුත්තලම, හලාවත, කුරුණෑගල, අවිස්සාවේල්ල, ගාල්ල, මාතර, අලූත්ගම සිට මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories