හිස් වූ පොළොන්නරුවේ අසුනට ජයසිංහ බණ්ඩාර.

Saturday, 10 January 2015 - 19:56

%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB.
නව ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දීමත් සමඟ හිස් වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය 2010 මහ මැතිවරණයේ එහි සන්ධාන මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය ලබාගෙන සිටි ජයසිංහ බණ්ඩාරට හිමිව තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තමන්ට ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (11) දිනයේ කොළඹට පැමිණෙන ලෙස දැනුම්දුන් බවයි ජයසිංහ බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

2010 මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඒ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් සහ චන්ද්‍රසිරි සූරියආරච්චියි. එහිදී මනාප 21,876 ක් ලබා ගනිමින් ජයසිංහ බණ්ඩාර සන්ධාන මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට තේරී පත්ව සිටියා.

අද දිනයේදී පක්ෂය විසින් තම නම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කර ඇති බව දැන්වූ බවයි ජයසිංහ බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories