හිටපු ඇමති රෝහිතගේ බෑණා අත්අඩංගුවට.

Sunday, 11 January 2015 - 8:22

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%91%E0%B6%AB%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
හිටපු ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණනුවන් වන කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වීරක්කොඩිගේ ධනුෂ් ප්‍රියදර්ශන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය නොවැම්බර් 21 වැනිදා බේරුවල ප්‍රදේශයේදී රතිඤ්ඤා පත්තු කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. ඒ අනුවයි පයාගල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ සිද්ධියෙන් බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමිල රණසිංහ බරපතල තුවාල ලැබුවා. ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබූ අතර, මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories