නව ජනපතිගේ පළමු විදෙස් චාරිකාවට ඉන්දියාවෙන් ඇරයුම්.

Sunday, 11 January 2015 - 9:03

%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.
ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම සඳහා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව මාලදිවයින් ජනාධිපති යමීන් අබ්දුල් ගයුම් පවසනවා. සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මාලදිවයින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයෙන් ඔහුගේ ප්‍රතිපත්ති , නායකත්වය සහ ප්‍රමුඛතා පිළිබඳ ජනතා විශ්වාසය පැහැදිලි වන බවයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාපිත ආයතනවල ශක්තිමත්භාවය මැතිවරණ ක්‍රියාවලිය පුරාම ප්‍රදර්ශනය වූ බව මාලදිවයින් ජනපතිවරයා සඳහන් කළා.  එමෙන්ම, හැකි පළමු අවස්ථාවේදීම මාලදිවයිනේ සංචාරය කරන ලෙස එරට ජනාධිපතිවරයා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇරයුම් කර තිබෙනවා. මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ද ඊයේ කොළඹදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණු බවයි වාර්තා වන්නේ. එරට හිටපු ජනාධිපතිවරුන් වන මව්මූන් අබ්දුල් ගයුම් සහ මොහොමඞ් නෂීඞ් ද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සුබ පැතුම් එක් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පළමු විදෙස් චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ආරාධනා කර ඇතැයි හින්දු පුවත්පත වාර්තා කළා. ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පැතීමට දුරකතනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි මෙම ඇරයුම කර ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව බොහෝ දුරට ලබන මාසය තුළ නව ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරනු ඇතැයි සඳහන්.

මේ අතර, පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාෂ් ශරීෆ් ද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සුබපැතුම් පණිවුඩයක් එවමින් ප්‍රකාශ කළේ දෙරට අතර සබඳතා නව නායකත්වය යටතේ ද ශක්තිමත් වනු ඇති බවයි. මීට අමතරව,  ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ නෝර්වේ යන රටවල රාජ්‍ය නායකයන් ද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සංහිඳියාව උදෙසා සහාය වීමට සූදානම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories