Update : සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ආරාධනාවක්.

Sunday, 11 January 2015 - 13:00

Update+%3A+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පුව අභියසදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විට ජාතිය අමතමින් සිටින අතර එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා දළදා මාළිගාව අභියසට විශාල ජනතාවක් පැමිණ ඇති බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.


Update: Sunday, 11 January 2015 - 03:06
.......................................................................
ජනපති සහ අගමැති මහනුවරදී මහා නාහිමිවරුවන් බැහැදකී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද මහනුවරදී මල්වතු - අස්ගිරි මහානාහිමිවරුන් බැහැදුටුවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මහනුවර බලා පිටත්ව ගියේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේ පිහිටි ඞී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවයි. අතරමඟදී හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධියට ද උපහාර දැක්වීමක් සිදුකෙරුණා. මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහා නාහිමිවරුන් බැහැදුටුවේ. එහිදී නව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කරමින් මල්වතු මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් කෙටි අනුශාසනාවක් සිදුකළා. මෙහිදී මහානා හිමියන් සඳහන් කළේ වත්මන් රජය දුප්පත් ජනතාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවයි. එමෙන්ම, ජනතාවගේ අදහස් පිළිගනිමින් රාජ්‍ය පාලනය ගෙන යාමට ආශිර්වාද කරන බව ද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඉන් පසු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස අස්ගිරි මහානායක පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැදුටු අතර එහිදී අනුශාසනාවක් පැවැත්වූයේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නාහිමියන් සඳහන් කළේ රට ඉදිරියට ගෙන යාමට මේ වනවිට හොඳ අවස්ථාවක් උදාවී ඇති බවයි. සමගියෙන් සහ සහයෝගයෙන් ජනතා හැඟීම් හඳුනාගෙන ඉදිරියට කටයුතු කරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.  

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/XQpBih












Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories