පාප් වහන්සේගේ සංචාරයට අදාළ පෙරහුරු ඇරඹේ.

Sunday, 11 January 2015 - 19:32

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ පෙරහුරු කටයුතු අද  (11) පස්වරුවේදී ආරම්භ කෙරුණා. මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සංචාරය හේතුවෙන් කොළඹ - මීගමුව මාර්ගය හෙට පස්වරු 6 සිට වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළා. ඒ අනුව, හෙට පස්වරු 6 සිට 13 වැනිදා දහවල් 12 දක්වා මාර්ගය වසා තැබෙන බැවින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පමණක් භාවිත කළ යුතු අතර, එම කාලය තුළ අධිවේගී මාර්ගය ගාස්තුවකින් තොරව භාවිත කළ හැකිවනු ඇති.

මේ අතර, හෙට පස්වරුවේ සිට ගාලූමුවදොර පිටියේ ද වාහන ගමනාගමනයට තාවකාලිකව වසා දැමෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories