රට අතහැර යන්නේ නැහැ. - කේ.පී. හිරුට කියයි.

Sunday, 11 January 2015 - 20:31

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
කලක් ප්‍රබල එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරිකයෙකුව සිට දැනට ආරක්ෂක අංශ රැකවරණය යටතේ සිටින කුමරන් පද්මනාදන් නොහොත්, කේ.පී.ට රටින් පිටවීමට ඉඩ නොදෙන බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කළා. එහි ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මෙම අදහස් පළ කළේ දූෂණ විරෝධී පෙරමුණ සංවිධානය කොළඹ දී අද (11) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, කේ.පී. සහ පැවති ආණ්ඩුව සමඟ  සිදුවූ ගනුදෙණු පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒවා දැනුම්දෙන ලෙස ඉල්ලීමක් කළා.

කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස හැඳින්වූ අතර, ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු එම සංවිධානයේ නායකත්වයට පත්වූ බවට ද මත පළ වුණා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් 2009 වසරේදී ආරක්ෂක අංශ ඔහු මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එනු ලැබුවා. පසුකාලීනව ඔහු උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සහ සංවර්ධන සංවිධානය නම් රාජ්‍ය නොවන සංවිධානය හරහා ළමා රැකවරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා.

පවතින තත්ත්වය යටතේ කේ.පී. නොහොත් කුමරන් පද්මනාදන් ගේ තීරණය කුමක්දැයි අප ඔහුගෙන්ම විමසා සිටියා. වව්නියාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අලූත් ආණ්ඩුව ජනතා කැමැත්තෙන් තේරී පත්වූ බවයි. එසේම, තමන් සමඟ මෙතෙක් උතුර පළාත් සභාවේ කිසිදු වගකිවයුත්තෙකු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ද හිරු ප්‍රවෘත්ති අංශයට ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාව අතහැර යාමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි කේ.පී. නොහොත් කුමරන් පද්මනාදන් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories