මැ.කො. ගේ පෙර ගමන් යතුරුපැදිය අනතුරට ලක්වී කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට.

Monday, 12 January 2015 - 10:15

%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.
මැතිවරණ කොමසාරිස්වරයාගේ ආරක්ෂාවට ගමන් කළ පෙරගමන් යතුරුපැදිය අනතුරට ලක්වීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද උදෑසන 6 යි 30ට පමණ මහරගම පොලිස් වසමේ රෝලන්ස් හන්දියේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල රථයට ඉදිරියෙන් ගමන් කළ මෙම යතුරුපැදිය රෝලන්ස් හන්දිය පසුකරද්දී අතුරු මාර්ගයකින් පැමිණි පාසල් වෑන් රථයක් එක්වරම අනාරක්ෂිත ලෙස ප්‍රධාන මාර්ගයට පිවිස තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනා රැගත් යතුරුපැදිය පාසල් වෑන් රථයේ ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළා. රෝහල් ගතකිරීමෙන් අනතුරුව එක් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories