Update: සෙන්දිල් තොණ්ඩමන්ට ඇප.

Monday, 12 January 2015 - 11:35

Update%3A+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4.
තැපැල්කරුවෙකු පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරවෙල අධිකරණය වෙත භාර වූ ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා විසින් අද දින නඩුව කැදවූ අවස්ථාවේදියි මෙලෙස ඔහු මුදා හැරීමට නියෝග කර ඇත්තේ. මීට අමතරව රුපියල් ලක්ෂයක මුදලක් සානුකම්පිත හේතූන් මත තුවාල වූ තැපැල්කරුට ගෙවීමට ද පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් අධිකරණයට එකග වී තිබෙනවා.

Monday, 12 January 2015 - 11:35

................................................................................................................................................................

සෙන්දිල් තොණ්ඩමන්  අධිකරණයට භාරවේ.

අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටි ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් අද උදෑසන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබෙනවා. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදමින් සිටි ඇල්ල තැපැල් කාර්යාලයේ සේවකයෙකුට පහරදුන් බවට චෝදනා ලැබ සිටි සෙන්දිල් තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා අධිකරණය වරෙන්තුවක්ද නිකුත් කළා.

රාජ්‍ය සේවකයෙකුට පහරදී රාජකාරියට බාධා කිරීම සහ ඔහුට තුවාල සිදුකිරීම යන චෝදනා සැකකරුට එරෙහිව එල්ලවී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ පෙරියසාමි ඥානසේකරම් නැමති මෙම තැපැල් සේවකයා පසුව රෝහල්ගතව ප්‍රතිකාරද ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories