කහවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ ඉතිරි දෙදෙනාත් රිමාන්ඞ්.

Monday, 12 January 2015 - 13:45

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.
අධිකරණයෙන් වරෙන්තු ලැබූ සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර සිල්වා අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසුව මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.  කහවත්ත ප්‍රදේශයේදී පසුගිය 5 වැනිදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එවකට පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අවස්ථාවේදී කහවත්ත ප්‍රදේශයේ ඔහු සහභාගිවීමට නියමිතව තිබූ  ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටි තිදෙනෙකුට වෙඩි තබා එක් අයෙකු ඝාතනයට ලක්වුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට මොවුන් දෙදෙනාට අමතරව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරද රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories