අපි ඇමතිධුර බාර ගන්නේ නැහැ.- අනුර කුමාර දිසානායක

Monday, 12 January 2015 - 15:35

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ උද්ගත වී ඇති තත්වය පැහැදිලි කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී අද මාධ්‍ය හමුවක් පවැත්වුණු අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා..

මේ ජනාධිපතිවරණයට ප්‍රවේශ වීමේදී සටන් පාඨ දෙකක් අපි ඉදිරිපත් කළා. ඒවගේම අරමුණු දෙකක් ඉදිරිපත් කළා. ඒකාධිපති වියරු රාජපක්‍ෂ පාලනය පළවා හැරීම මේ වනවිට සාර්ථක ඉටුකර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් ඉමහත් කැපවීමකින් විශාල කාර්යභාරයක් කළා. ඒ ජයග්‍රහණය පිළිබඳව අපට සතුටක් තිබෙනවා.  දැන් එහි දෙවන කොටස ආරම්භ කළ යුතුව තිබෙනවා. යහ පාලනය ඇතිකිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කර ගැනීම වැනි කටයුතු යෙදී තිබෙන්නේ, ජනවාරි 08 වැනිදායින් පසුව ඉදිරිපත් කළ සටන් පාඨයටයි. මේ සඳහා විශාල කාර්යභාරයක් අපි හැම දෙනාටම පැවරී තිබෙනවා. ජාතික ආණ්ඩුවකට එක්වන ලෙස අපේ පක්‍ෂයට ප්‍රසිද්ධියේ ආරාධනා කර තිබුණා. නමුත් අපි කිසිසේත්ම ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇමතිධුර බාර ගන්නෙත් නැහැ. දින 100ක කාලයක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයට කළ හැක්කේ එක් කන්නයක් වගා කිරීමට පමණයි. අධ්‍යාපන අමාත්‍යාංශය නම් එක් පාසැල් වාරයක්වත් පැවැත්විය නොහැකියි. නිවාස අමාත්‍යාංශය ගතහොත් නිවාස අත්තිවාරම් දැමීමක් විතරයි කළ හැකි වන්නේ. මේ අනුව සැලකුවහොත් ජනතාවට දැනෙන කිසිවක් කරන්න බැහැ. ඒවගේම දින 100ක් තුළ ඉතාම පටු සහ කුඩා කැබිනට් මණ්ඩලයකට ඇතුල්වීමට සමහර අය දරන ප්‍රයත්න ගැන අපට අප්‍රසන්න බවක් ඇතිවෙනවා. මේ දින සියයේ කැබිනට් මණ්ඩලය ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories