රාජ්‍ය සේවකයන් ඡන්ද වැඩවලට ගැනීම නවත්වනවා. - ජනපති.

Monday, 12 January 2015 - 21:26

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
දේශපාලන නායකත්වය රාජ්‍ය සේවයටත්, රටට ආදර්ශමත්වත් කටයුතු කිරීම තුළින් සැවොම එක්ව ප්‍රාර්ථනය කරන ‘යහපාලනය’ ළගා කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මින් ඉදිරියට රාජ්‍ය සේවකයන් මැතිවරණ වලට යොදා ගැනීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වී ඇති බවයි.

අද පෙරවරුවේ පැවති මෙම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදින්, පාඨලී චම්පික රණවක සහභාගි වුණා. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පී. දිගම්බරන් මෙන්ම වී. රාධක්‍රිෂ්ණන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රජිව් විජේසිංහ ද ඊට සහභාගි වුණා.  

මීට අමතරව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට තේරී පත්වූ පසු ඔහුට සහය පළ කිරීමට ඉදිරිපත් වූ හිටපු අමාත්‍යවරුන් වන ෆීලික්ස් පෙරේරා, දයාශ්‍රීත තිසේරා සහ නියොමාල් පෙරේරා, ලලිත් දිසානායක යන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මීට එක්ව සිටියා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories