මීගමු පාරේ සහ කොළඹ අද විශේෂ රථවාහන සැලැස්මක්.

Tuesday, 13 January 2015 - 8:19

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ දක්වා පැමිණෙන මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් අද (13) ක්‍රියාත්මකයි. ඉන් අනතුරුව, ශුද්ධෝත්තම පාප් වහන්සේ විවෘත රථයකින් ගුවන්තොටුපලේ සිට මීගමුව - කොළඹ මාර්ගයේ පැමිණීමට නියමිතයි. මීගමුව - කොළඹ මාර්ගයේ නවලෝක වටරවුම දක්වා පැමිණෙන රිය පෙරහැර ඉන් අනතුරුව ඉඟුරු කඬේ මංසන්ධිය, ආමර් වීදිය, සංඝරාජ හන්දිය, මරදාන මංසන්ධිය, බොරැල්ල - බෞද්ධාලෝක මාවත ඔස්සේ අපෝස්තලික නිවහන වෙත ළඟා වනු ඇති.

කතෝලිකයන්ට අතිශයින් පූජනීය වන ශුද්ධෝත්තම  පාප්වහන්සේ පවත්වන දිව්‍ය පූජාව හෙට උදෑසන 8.30 ට ගාලූමුවෙදාර පිටියේදී පැවැත්වීමට නියමිත අතර එම දිව්‍ය පූජාවට සහභාගි වන කිතුනු බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය සහ බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව, බදුල්ල සහ යාපනයේ සිට අද පස්වරුවේ විශේෂ දුම්රිය දෙකක් කොළඹට පැමිණීමට නියමිතයි. තවද, මධ්‍යම රාත්‍රී 12 සිට මහනුවර, පුත්තලම, හලාවත, කුරුණෑගල, අවිස්සාවේල්ල, මාතර සිට තවත් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට නියමිතව තිබෙනවා. දිව්‍යපූජාවට සහභාගි වන බැතිමතුන්ට අද පස්වරු 5 සිට ගාලූමුවෙදාර පිටියට ඇතුළු වීමට අවසර හිමිවනවා.

අති උතුම් ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ ආරක්ෂක හා රථ වාහන හැසිරවීමේ කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 24,000කට ආසන්න පිරිසක් යෙදවෙනවා. හෙට උදෑසන ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙන විශේෂ දිව්‍ය පූජාවට සහභාගිවීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවන් ක්‍රියාත්මක වනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories