Update: පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් කෝටියකට අලි පැටවෙකු මිලට ගනී.

Tuesday, 13 January 2015 - 12:45

Update%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන නව ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුවට එක් කර ගැනීමෙන් වළකින ලෙස බලකරමින් අද බලපිටිය නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. ඒ අතරතුර බලපිටිය බස් නැවතුම්පලේ වහලය මතට නැගුණු පුද්ගලයෙකු පෙට්‍රල් බෝතලයක් පෙන්වමින් කියා සිටියේ එසේ සිදුවුවහොත් තමන් සිරුරට ගිනි තබාගන්නා බවයි.   

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ අම්බලන්ගොඩ නිවසේ සිටියදී සොයාගත් අලි පැටවෙකු සම්බන්ධයෙන්ද මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. හික්කඩුව වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ බලපත්‍රයක් සහිතව මෙම අලි පැටවා මන්ත්‍රීවරයා විසින් රුපියල් කෝටියක මුදලකට මිලට ගෙන ඇති බවයි. ඊට අදාළ ලියකියවිලි නිවසේ දැනට රැඳී සිටින සේවකයෙකු විසින් තමන්ට ඉදිරිපත් කළ බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

Update: Tuesday, 13 January 2015 - 07:40 PM
-------------------------------------------------
සජින් වාස්ට අලි ප්‍රශ්නයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ගෙවත්තේ වන අලියෙකු සිටින බවට ලැබුණු පැමිණිල්ලක් මත වනජීවි නිලධාරීන් හා පොලීසිය ඊයේ (12) පස්වරුවේ එම නිවස පරීක්ෂාවට ලක් කළා. එහිදී වයස අවුරුදු 10ට වැඩි වන අලියෙකු තම නිලධාරීන් විසින් නිරීක්ෂණය කළ බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. එම අවස්ථාවේ නිවසෙහි කිසිවෙකුටත් සිට නොමැති අතර වන අලියා රැකබලා ගන්නා පුද්ගලයින් පවසා ඇත්තේ වන අලියා ළඟ තබා ගැනීමට බලපත්‍රයක් ඇති බවයි.
ඒ අනුව අද මෙම අලියාගේ බලපත්‍රය ගැන මේ වන විට බලපිටිය හික්කඩුව,වන අඩවි කාර්යාලය වන අඩවි අසංක ගුණවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරික්ෂා කරනු ලැබේන බව හිරු ප්‍රවෘත්ති අංශයේ බලපිටිය වාර්තා කරු පවසයි.



ඡායාරූප - අම්බලන්තොට තුෂාන්ත



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories