Update: හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, බැසිල්, ගෝඨාභය, නාමල් ඇතුලූ පාර්ශව 12 කට එරෙහිව ජවිපෙන් අල්ලස් පැමිණිලි.

Tuesday, 13 January 2015 - 13:13

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2C+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%2C+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+12+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයන් සහ ආයතන 12 කට  එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි ගොනු කළා. විමර්ශන අවසන් වනතුරු ඔවුන්ට රටින් පිටවීමට අවසර නොදෙන ලෙසයි එම පැමිණිල්ලෙන් ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,  බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, අජිත් නිවාඞ් කබ්රාල්, කාල්ටන් සුපර් ස්පෝට් ක්ලබ්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්‍ෂ රූම් ජවුෆර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයායි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ඍජු මැදිහත්වීම මත මිද්දෙණිය, වීරකැටිය, දෙණියාය ආදී ප්‍රදේශයන්හි ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කෝටි 1574 යි දශම 5 යි 2 ක් වන සත්‍ය වියදම සඟවා කෝටි 3640 යි දශම 4 යි 1 ක් වැයවන බව හඟවමින් සමාගමක් සමග එක්ව වැඩිවූ මුදල වංචා සහගත ලෙස ලබාගැනීම මෙහි එන එක් චෝදනාවක්.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්ද නීති උල්ලංඝනය කර සන්ධානයෙන් තරඟ කළ මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50 ක් පමණ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මුදලින් මුද්‍රණය කර බෙදාහැරීමත් මෙම චෝදනාවලට ඇතුළත්.

කොළඹ නගර සීමාවේ ජනතාවට අයත් ඉඩම්, ඉඩම් අත්පත්කරගැනීමේ නීතියට පරිබාහිරව හමුදා මැදිහත්කිරීම් ද සහිතව නාගරික සංවර්ධන අධිකාරිය පවරා ගත් බවද මෙහි සඳහන් වනවා. එසේ බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් සඳහා කිසිදු වන්දි මුදලක් ලබා නොදී කොමිස් මත පෞද්ගලික අංශයට ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බවද පැමිණිල්ලේ සඳහන්.

රජයට අයවිය යුතු විශාල බදු මුදල් අහිමි කරමින් කාල්ටන් ලොටෝ ස්පෝට් ක්ලබ්  නැමති ආයතනය සඳහා අධි සුඛෝපභෝගී කාර් රථ ගෙන්වීමට බදු සහන ලබාදීම තවත් චෝදනාවක්.

තෙල් සංස්ථාව ඇපයට තබමින් සිදුකළ හෙජින් සූදුව නිසා රටට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුවූ බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. අවිනිශ්චිත බව සහ සිදුවිය හැකි මූල්‍ය පාඩුව හොඳින් දැනගෙන ඊට සියලූ උපදෙස් ලබාදුන්නේ මහබැංකු හිටපු අධිපති අජිත් කබ්රාල් බවත්, ඒ සඳහා එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ ද සම්බන්ධ වී අයුතු ධනයක් ඉපයූ බවත් එම පෙරමුණ අද ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය,  ඕෂනික් ගේම් පෞද්ගලික සමාගමට ඔන්ලයින් ලොතරැයියක් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම, ජාතික ලොතරැයි මණ්ඩලය කළ ගණුදෙනු, ග්‍රීක රාජ්‍යයෙන් මුදල් බැදුම්කර මිලදීගැනීම, දිවිනැගුම ජාතික සමුළුවකට සමෘද්ධි බැංකුවලින් මුදල් ලබාගැනීම ආදී පැමිණිලි රැසක් අද අල්ලස් කොමිසම හමුවේ ගොනු කෙරුණා.

පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ විමර්ශනය පැවැත්වෙන තුරු පැමිණිල්ලෙන් චෝදනා ලබන පුද්ගලයන්ට රටින් පිටවීම තහනම් කරන ලෙස ද තමන් අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි.



Update: Tuesday, 13 January 2015 - 07:13 PM
------------------------------------------------------------
බැසිල්,නාමල්,ගෝඨාභය ඇතුළු 12දෙනෙකුට එරෙහිව ජවිපෙන් දූෂණ චෝදනා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (13) අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි ඉදිරිපත් කළා. ඒ, පසුගිය කාලය තුළ ජනතා දේපළ අයථා ලෙස භාවිත කළ බවට චෝදනා කරමින්.

විමර්ශනය පැවැත්වෙන තුරු පැමිණිල්ලෙන් චෝදනා ලබන පුද්ගලයන්ට රටින් පිටවීම තහනම් කරන ලෙස ද තමන් අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ පුද්ගලයන් සහ ආයතන 12ක නම් සදහන් වනවා. ඊට හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ද ඇතුළත්. මීට අමතරව කාල්ටන් සුපර් ස්පෝට්ස් ක්ලබ් ආයතනයට එරෙහිව සහ සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ හිටපු සමෘද්ධි අධ්‍යක්ෂවරයාට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි ගොනු කර තිබෙනවා. 

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල පහතින් :







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories