ගාලූ මුවදොර දිව්‍ය පූජා යාගය හෙට උදෑසන 8.30 සහ විශේෂ රථවාහන සැලැස්ම.

Tuesday, 13 January 2015 - 19:28

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+8.30+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8.
දිවයිනට වැඩම කළ අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ පවත්වන දිව්‍ය පූජා යාගය හෙට (14) උදෑසන 8.30ට කොළඹ - ගාලූ මුවදොර පිටියේදී පැවැත්වෙනවා. ඒ සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් සහභාගිවනු ඇතැයි අපේක්ෂිතයි. එසේම හෙට දිනය  රජයේ සහ බැංකු නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා කතෝලික සභාව ප්‍රකාශ කළේ පෙරවරු 7 යි 30 පමණ වනවිට පාප්වහන්සේ ගාලූ මුවදොර පිටියට ළඟාවනු ඇති බවයි. අනතුරුව විවෘත රථයකින් ගමන් කරන උන්වහන්සේ බැතිමතුන්ට ආශිර්වාද කරනු ඇති. ඉන් පසුවයි ප්‍රධාන දිව්‍ය පූජා යාගයේ වැඩකටයුතු ආරම්භ වන්නේ.  ඊට සහභාගි වන බැතිමතුන්ට අද පස්වරු 5 සිට ගාලූමුවෙදාර පිටියට ඇතුළු වීමට අවසර ලබාදී තිබීමද විශේෂත්වයක්.

දිව්‍ය පූජා යාගයට සහභාගි වන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය සහ බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව, බදුල්ල සහ යාපනයේ සිට අද පස්වරුවේ විශේෂ දුම්රිය දෙකක් කොළඹට පැමිණීමට නියමිතයි. මධ්‍යම රාත්‍රී 12 සිට මහනුවර, පුත්තලම, හලාවත, කුරුණෑගල, අවිස්සාවේල්ල සහ මාතර සිට තවත් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට නියමිතව තිබෙනවා. ඒවා පිළිබඳ තොරතුරු 0714 393 102 දුරකථන අංකයෙන් ලබාගත හැකියි.

අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කළේ බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංගම බස් රථ 650ක් ධාවනයට එක් කර ඇති බවයි. එම සේවාව නොමිලේ ක්‍රියාත්මක අතර දුම්රිය මගීන්ටද ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් සියයට 50ක් අඩු කර ඇති බව ඔහු කියා සිටියා.

දිව්‍ය පූජා යාගය වෙනුවෙන් වෙන් කර ඇති බස් රථවලට ලේක්හවුස් වටරවුම දක්වා පැමිණීමට අවසර හිමිවන අතර ඒවා බැතිමතුන් බස්වා මරදාන සහ සංඝරාජ මාවතේ ගාල් කළ යුතු බව පොලීසිය සඳහන් කළා.

මේ අතර හෙට දිනයේදී කොළඹ ගාලූමුවදොර පිටියට අවට විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. පාප්වහන්සේ පැමිණෙන සහ පිටව යන අවස්ථාවන්හිදී සම්පූර්ණයෙන්ම ප්‍රවේශ මාර්ගය වසා තැබෙන අතර ගාලූ මුවදොර හෝටලය අසල සිට ජනාධිපති කාර්යාලය දක්වා වන මාර්ගයද පෙරවරු 7 සිට මධ්‍යහ්න 12 දක්වා වසා තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා. හැකිතාක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙසයි ඔහු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ.

ගාලූ මුවදොර පිටියේ පැවැත්වෙන දිව්‍ය පූජා යාගය හිරු ටී වී සහ www.hirunews.lk වෙබ් අඩවිය හරහා සජීවීව විකාශය කිරීමට මේ වනවිටත් සියලූ කටයුතු සූදානම්.

ගාලූමුවෙදාර පිටියේ පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් අනතුරුව අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ මඩු දේවාස්ථානය බලා පිටත්ව යනවා. කතෝලික සභාව ප්‍රකාශ කළේ පස්වරු 3යි 15 ට පමණ උන්වහන්සේ මන්නාරමට ළඟාවීමට අපේක්ෂා කරන බවයි. මඩු දේවස්ථානයේදී උන්වහන්සේ දිව්‍ය සත්ප්‍රසාද දානයකටද සහභාගි වන අතර විශේෂ දේශනයක් ද සිදු කිරීමට නියමිතයි.

මේ වනවිටත් පාප්වහන්සේ දැක ආශිර්වාද ලබාගැනීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් මඩු දේවස්ථානය වෙත පැමිණෙමින් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය නවාතැන් සහ සනීපාරක්ෂක පහසුකම් සැළසුම් කර ඇති බව එම ස්ථානයේ සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories