ගාලු මුවදොර ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක්.

Wednesday, 14 January 2015 - 7:25

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
අද දිනයේදී කොළඹ ගාලූමුවදොර පිටිය අවට සහ කොළඹ මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. පාප්වහන්සේ පැමිණෙන සහ පිටවයන අවස්ථාවන්හිදී බෞද්ධාලෝක මාවතේ සිට සම්පූර්ණයෙන්ම ප්‍රවේශ මාර්ගය වසා තැබෙන අතර ගාලූ මුවදොර හෝටලය අසල සිට ජනාධිපති කාර්යාලය දක්වා වන මාර්ගයද පෙරවරු 7 සිට මධ්‍යහ්න 12 දක්වා වසා තබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා. හැකිතාක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙසයි ඔහු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ.                    

මේ අතර දිව්‍ය පූජා යාගයට සහභාගි වන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය සහ බස් සේවාවක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වුණා. දිව්‍ය පූජා යාගය අවසන් වීමෙන් පසු අද පස්වරු 2 ට කොළඹ - කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා 2 යි 5 ට පුත්තලම දක්වාත් දෙකයි 45 ට මහනුවර දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙනවා. පස්වරු 2 යි 30 ට යාපනය දක්වා සහ පස්වරු 3 ට කුරුණෑගල දක්වා මෙන්ම පස්වරු දෙකයි 45 ට අවිස්සාවේල්ල දක්වාත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

මරදානේ සිට මාතර සහ ගාල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කිරීමට සැළසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ පිළිබඳ තොරතුරු 0714 393 102 දුරකථන අංකයෙන් ලබාගත හැකියි.

අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කළේ බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංගම බස් රථ 650ක් ධාවනයට එක් කර ඇති බවයි. එම සේවාව නොමිලේ ක්‍රියාත්මක අතර දුම්රිය මගීන්ටද ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් සියයට 50ක් අඩු කර ඇති බව ඔහු කියා සිටියා.

දිව්‍ය පූජා යාගය වෙනුවෙන් වෙන් කර ඇති බස් රථවලට ලේක්හවුස් වටරවුම දක්වා පැමිණීමට අවසර හිමිවන අතර ඒවා බැතිමතුන් බස්සවා මරදාන සහ සංඝරාජ මාවතේ ගාල් කළ යුතු බව පොලීසිය සඳහන් කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories