Update : නාරාහේන්පිටින් හමුවූ ගුවන් යානයේ සුලමුල හෙළිවෙයි.

Wednesday, 14 January 2015 - 7:39

Update+%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී සොයාගත් ගුවන් යානය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසනවා. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව ඊයේ (13) පස්වරුවේදී මෙම ගුවන් යානය ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී සොයාගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මෙය දෙදෙනෙකුට පමණක් ගමන් කිරීමේ හැකියාවක් ඇති අබලන් වූ කුඩා ගුවන් යානයක් බවයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි පරීක්ෂණ සඳහා ආර්ථික මධ්‍යස්ථානයේ ගුවන් යානය තිබූ ගබඩාව සීල් තැබීමට පියවර ගත් බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, ඇතැම් වාර්තා සදහන් කළේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාව තිබී හමුවූ මෙම කුඩා වර්ගයේ ගුවන් යානය තමාට අයත් බව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම් ප්‍රකාශ කර ඇති බවයි. මෙම කුඩා ප්‍රමාණයේ ගුවන් යානය භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින අතර එය හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ කරනු ලැබූ ඉල්ලීමකට අනුව තමන් ඔහුට ලබා දුන්නේ යැයි චන්ද්‍රම් රත්නම් ප්‍රකාශ කර ඇති බවට තවත් වාර්තාවක් සදහන් කළා. මෙහි සත්‍යතාව දැන ගැනීම සදහා හිරු ප්‍රවෘත්ති අංශය චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දුන්න ද ඔහු සම්බන්ධ කර ගත නොහැකි වූයේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබූ නිසාවෙන්. 

අදාළ ගුවන් යානයේ අයිතිය පිළිබදව වැඩිදුරටත් සොයාබැලීම සදහා අප නාරාහේන්පිට පොලිස් ස්ථානධිපති ඩේමියන් පෙරේරා මහතාගෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ එම ගුවන් යානය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම් මහතාගේ බවට ඔහු ප්‍රකාශ කළ බවයි.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/SNRr1v



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories