විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් - ජානිපෙ කියයි.

Wednesday, 14 January 2015 - 12:51

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. අද (14) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් මේ බව කියා සිටියා.

මේ අතර, අපේ ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ නීතිඥ නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස්, දූෂණ හෝ විමර්ශන කොමිෂන් සභාවට ගොස් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළා. ඒ, ඔහුගේ වර්තමාන වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ ගැටළු පවතින බව පවසමින්.

එසේම රජය අපහසුතාවට පත් කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ මස්සිනා කෙනෙකු වූ අජිත් කුමාර නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ අත්අඩංගුවට ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories