යුක්තිය, එකමුතුකම, සාමය සහ තමන් වෙනුවෙන් නව ශාන්තුවරයාට යාඥා කරන්න - ශුද්ධෝත්තම පියතුමන් ඉල්ලයි.

Wednesday, 14 January 2015 - 13:00

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%2C+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
ගාලූමුවදොරපිටියේ පැවැති දිව්‍ය පූජා යාගය ඇමතූ පාප් වහන්සේ කියා සිටියේ දෙවියන් වහන්සේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජුසේවාස් මුනිදුන් දිවයිනට එවා ඇති බවයි. ජුසේවාස් මුනිදුන් ආදර්ශයට ගෙන යුක්තිය, එකමුතුකම සහ සාමය වෙනුවෙන් යාඥා කරන්නැයි අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී සියලූ දෙනාගෙන් ඉල්ලා සිටියා.  

අනතුරුව පාප් වහන්සේ ඇතුළු පියතුමන්ලා දිව්‍ය සත්ප්‍රසාද බෙදා දීම සිදුකළා. දිව්‍ය පූජා යාගය අවසන් කරමින් ස්තූති කතාව සිදුකළේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්.  

ගාලූමුවදොර පිටියේ පැවැති දිව්‍ය පූජා යාගයට සහභාගි වූ බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය සහ බස් සේවා මේ වන විට ක්‍රියාත්මකයි. බැතිමතුන්ගේ අවශ්‍යතා පරිදි බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (14) පස්වරු 2 ට කොළඹ - කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වාත්, 2.05 ට පුත්තලම දක්වාත්, 2.45 ට මහනුවර දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කරන බවයි. පස්වරු 2.30 ට යාපනය දක්වා සහ පස්වරු 3 ට කුරුණෑගල දක්වා මෙන්ම පස්වරු 2.45 ට අවිස්සාවේල්ල දක්වාත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

මරදානේ සිට මාතර සහ ගාල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කිරීමට සැළසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ පිළිබඳ තොරතුරු 0714 393 102 දුරකථන අංකයෙන් ලබාගත හැකියි.

















































































Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories