Update : නාරාහේන්පිට දී සොයා ගත් කුඩා ගුවන් යානය ගැන පෙර හිමිකරු චන්ද්‍රන් රත්නම් කතා කරයි.

Wednesday, 14 January 2015 - 13:26

Update+%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී සොයා ගත් කුඩා ගුවන් යානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට තමන් ත්‍යාගයක් ලෙස ලබාදුන් බව චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම් පවසනවා. ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම් ප්‍රකාශ කළේ පසුගිය 2013 වර්ෂයේ ජනවාරි මාසයේදී තමන් මෙම කුඩා ගුවන් යානය යෝෂිත රාජපක්ෂට තෑගි කළ බවයි.

චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම්ට හිමි රත්මලානේ පිහිටි ඒෂියන් එයාර් සෙන්ටර් නමැති පෞද්ගලික ගුවන් නියමු පුහුණු මධ්‍යස්ථානයේයි මෙම කුඩා ගුවන් යානය ගබඩා කර තිබී ඇත්තේ. එම ස්ථානයට පැමිණි යෝෂිත රාජපක්ෂ තමන්ට මෙය ලබාදිය හැකි දැයි චන්ද්‍රම් රත්නම්ගෙන් විමසා තිබෙනවා. එහිදී ඔහු මෙම ප්‍රදානය සිදුකර ඇති අතර ඉන් අනතුරුව කුඩා ගුවන් යානය පිළිබද කිසිදු තොරතුරක් තමන් නොදන්නා බව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම් ප්‍රකාශ කළා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෙම කුඩා ගුවන් යානය සොයා ගනු ලැබුවා.

ඊයේ පස්වරුවේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම් වෙත දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ මෙම ගුවන් යානය කොටස්වලට ගැලවීමට උපකාර කරන ලෙසයි. ඒ අනුව තමන් ගුවන් පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන් 4 දෙනෙකු අදාළ ස්ථානයට පිටත් කළ බව චන්ද්‍රම් රත්නම් ප්‍රකාශ කළා.

අද පස්වරුවේ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම් රත්නම් මෙම සිද්ධිය පිළිබද නාරාහේන්පිට පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට ද නියමිතව තිබෙනවා.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/hThLD1


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories