දිනාගත් සංහිඳියාව රැකගන්න. ශුද්ධෝත්තම පියතුමන් සියලූ ජාතීන්ගෙන් ඉල්ලයි.

Wednesday, 14 January 2015 - 15:38

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B7%81%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවු යැදුම් දේව මෙහෙය අද පස්වරුවේ මඩු දේවස්ථානයේදී පැවැත්වුණා. වතිකානු නියෝජිතයන් 15 දෙනෙකු සමඟ ගුවන් මගින් මඩු දේවස්ථානය වෙත පැමිණි ශුද්ධෝත්තම පියතුමන් පිළිගනු ලැබුවේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමන් විසින්. අනතුරුව විවෘත රථයක නැගුණු පාප් වහන්සේ දේවස්ථානය වෙත ගමන් කරන අතරමඟ අති විශාල සැදැහවතුන් පිරිසක් රැස්ව සිටියා. වයෝවෘද්ධ සහ ආබාධිත බැතිමතුන්ට මෙන්ම කුඩා දරුවන්ටද උන්වහන්සේ පෞද්ගලිකව ආශීර්වාද කිරීම විශේෂත්වයක්.

දේවස්ථානයට පැමිණි පාප් වහන්සේ අනතුරුව යැදුම් දේව මෙහෙයේ වැඩකටයුතු ආරම්භ කළා.

දේව මෙහෙය අමතමින් අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් සියලූ ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව අත්කරගත් සංහිඳියාව රැක ගන්නා ලෙසයි.













































ඡායාරූප - රොමේෂ් මදුශංක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories