නාරාහේන්පිටින් හමුවූ ගුවන් යානය ගැන තවත් අභිරහසක් හෙළිවේ.

Thursday, 15 January 2015 - 7:59

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී සොයා ගත් කුඩා ගුවන් යානය නිපදවූයේ තමන් බව හලාවත - බංගදෙණිය - දෙමටපිටියේ පදිංචි හැම්ලට් මාටිස් පවසනවා. ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු සහ ගගන විද්‍යාඥයෙකු වූ රේ විජේවර්ධනට අයත් කොළඹ පිහිටි නිවසකදී අදාළ ගුවන් යානය තමන් නිපදවූ අතර පසුව එය හලාවත - කළුතර ආදී ප්‍රදේශවලට ඉහළින් අහසේ පැදවූ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර අදාළ කුඩා ගුවන් යානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට තමන් ත්‍යාගයක් ලෙස ලබාදුන් බව චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සඳහන් කළා. ඔහු සඳහන් කළේ පසුගිය 2013 වර්ෂයේ ජනවාරි මාසයේදී තමන් මෙම කුඩා ගුවන් යානය යෝෂිත රාජපක්ෂට තෑගි කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් හලාවත - බංගදෙණිය - දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචි හැම්ලට් මාටිස් වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික ගුවන් යානා ගුවන් ගතකිරීමට රජය තහනම් කිරිමත් සමග රේ විජේවර්ධන, ගුවන් යානය පුහුණු පාසලකට ලබාදුන් බවයි.

පසුගිය අඟහරුවාදා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෙම කුඩා ගුවන් යානය සොයා ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ගුවන් යානය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories