ප්‍රංශ කාටූන් සඟරාව යළිත් මුස්ලිම්වරුන්ගේ උදහසට.

Thursday, 15 January 2015 - 8:11

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%9F%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7.
කාටූන් ශිල්පීන් ඇතුලූ 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් පැරීසියට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු චාලි හෙබ්දූ, නැමති ප්‍රංශ උපහාසාත්මක සඟරාව ඊයේ යළි ප්‍රකාශයට පත් කෙරුණා. 60 000 ක පමණ සාමාන්‍ය අලෙවියක් පැවති පුවත් සඟරාවේ පිටපත් මිලියන 3 ක් පැය කිහිපයක් තුළ අලෙවි වූ අතර ප්‍රංශ ජාතිකයන් එය මිලදී ගැනීමට පෙළ ගැසී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළා. පුවත් සඟරාව යළි උපන් බවයි ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා හොලාන්ඞ් ප්‍රකාශ කළේ. කෙසේ නමුත් නැවත ප්‍රකාශයට පත් කළ චාලි හෙබ්දූ පුවත් සඟරාව ලොව පුරා මුස්ලිම්වරුන්ගේ දැඩි විරෝධයට ලක්ව තිබෙනවා. එහි පිට කවරයේ දැක්වෙන්නේ මියගිය චාලි සඟරාවේ මාධ්‍යකරුවන් වෙනුවෙන් වැළපෙන මහම්මත්තුමාගේ රුවක්.

එම පුවත් සඟරාවේ ඇතැම් පිටු වෙනත් රටවල පුවත්පත්වලද යළි මුද්‍රණය කර ඇත්තේ ප්‍රංශ මාධ්‍යවේදීන්ට සහෝදරත්වය පළ කරමින්. එසේ ප්‍රංශ පුවත් සඟරාවේ පිටු යළි මුද්‍රණය කළ තුර්කි පුවත්පත් කාර්යාලයකට විශේෂ ආරක්ෂාව යෙදීමට සිදුවුණා. ප්‍රංශ සඟරාවට එරෙහිව පිලිපීනයේ පැවති විරෝධතාවලදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අනුරුවක් පුළුස්සා තිබෙනවා. අප්‍රිකානු බොකෝහරාම්  සන්නද්ධ කල්ලිය ප්‍රකාශ කළේ ප්‍රංශ ජනතාව පැරිස් ප්‍රහාරයෙන් පීඩාවට ලක්වීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටුවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories