චන්දිම, අනුර ගන්න එපා. අහංගම සහ මහියංගණයේ විරෝධතා.

Thursday, 15 January 2015 - 11:00

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%85%E0%B7%84%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ මැති ඇමතිවරුන්ගේ  දේශපාලන පක්ෂ මාරුවීම් තවමත් කතාබහට ලක්වන කරුණක්.

අද (15) දිනයේදී අහංගම නගරයේදී විරෝධතාවක් පැවැත්වුණේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙසට බල කරමින්. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කිරීමට තීරණය කර ඇති බවට මාධ්‍යවල පළවීමත් සමග මෙම විරෝධතාව අද උදෑසන ආරම්භ කෙරුණා. අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ගාල්ල - මාතර  ප්‍රධාන මාර්ගයේ අහංගම නගරයෙන් වාහන ගමනාගමනයට බාධා එල්ලවුණු බවයි.  

මේ අතර මහියංගණ නගරයේද විරෝධතාවක් පැවැත්වුණේ හිටපු සන්ධාන පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙසට බල කරමින්. මේ හේතුවෙන් මහියගංණ නගරයේද දැඩි රථවාහන තදබදයක් පැවති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම පසුගිය අඟහරුවාදා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන නව ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුවට එක් කර ගැනීමෙන් වළකින ලෙස බලකරමින් බලපිටිය නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories