ජනපති නියමයෙන් ඉන්දීය ධීවරයන් 15 ක් නිදහස් කෙරේ.

Thursday, 15 January 2015 - 12:58

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
තෛපොංගල් උත්සවය නිමිති කරගෙන සුහදතාව පළකිරීමේ පියවරක් වශයෙන් මෙරට රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයන් 15 දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී තිබෙනවා. මෙම ධීවරයන් ඉන්දියාවේ පුදුචෙරි ප්‍රාන්තයෙන් පැමිණ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. එමෙන්ම පසුගිය කාලය තුළ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් මැරීමට යොදාගත් යාත්‍රා 87 ක් මෙරට රඳවා තිබෙනවා. අදාළ යාත්‍රාවල හිමිකරුවන් නියමිත අධිකරණයන් වෙත ඉදිරිපත් කරන හිමිකම්වලට අනුව ඒවා නිදහස් කිරීම පිළිබඳවද සළකා බලන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

ඉන්දීය අත්අඩංගුවේ පසුවූ මෙරට ධීවරයන් 10 දෙනෙකුද පසුගියදා නිදහස් කරනු ලැබුවා. ඉන්දීය ධීවරයන් පිරිසක් යළි නිදහස් කිරීමට ගෙන ඇති තීරණයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සුහදතාව වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා පළ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories