නාරාහේන්පිටින් සොයාගත් ගුවන් යානය පිළිබඳ පරීක්ෂණ සී.සී.ඩී.යට.

Thursday, 15 January 2015 - 19:05

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී සොයා ගත් කුඩා ගුවන් යානය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පාර්ශව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී මෙම කුඩා ගුවන් යානය සොයාගනු ලැබුවේ පසුගිය අඟහරුවාදා දිනයේදීයි. ගුවන් යානයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් මතුවූ ගැටලූකාරී තත්ත්වය මත පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළා. පසුව අනාවරණය වූයේ මෙම කුඩා ගුවන් යානය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂට ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවටයි.

සාමාන්‍යයෙන් ගුවන් යානයක් ප්‍රවාහනය කිරීමේදී මෙන්ම භාවිත කිරීමේදී සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට අනුව විශේෂ බලපත්‍රයක් ලබාගත යුතුයි. එහෙත් මෙම කුඩා ගුවන් යානය සඳහා අදාළ බලපත්‍රය ලබාගෙන තිබුණේද යන්න පිළිබඳව මේ වනතුරුත් තොරතුරු අනාවරණය වී නැහැ. එමෙන්ම, නාරාහේන්පිට ගබඩාවට මෙම කුඩා ගුවන් යානය ගෙන ආවේ කවුරුන් විසින්ද, කුමන අරමුණකින්ද යන්න පිළිබඳවත් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.

මෙම කුඩා ගුවන් යානය නිපදවා ඇත්තේ හලාවත - බංගදෙණිය - දෙමටපිටියේ පදිංචි හැම්ලට් මාටිස් නමැති පුද්ගලයායී. ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු සහ ගගන විද්‍යාඥයෙකු වූ රේ විජේවර්ධනට අයත් කොළඹ පිහිටි නිවසකදී අදාළ ගුවන් යානය තමන් නිපදවූ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ගුවන් යානය නිපදවීමෙන් අනතුරුව එය හලාවත, කළුතර සහ කෑගල්ල ආදී ප්‍රදේශවල පියාසර කළ බවද ඔහු කියා සිටියා.  මෙම ගුවන් යානය නම් කර ඇත්තේ ලිහිණියා යන නාමයෙන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories