ආගම්වලට අපහාස කිරීමෙන් වැළකිය යුතුයි - ශු. ෆ්‍රැන්සිස් පාප්වහන්සේ.

Friday, 16 January 2015 - 9:11

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%81%E0%B7%94.+%E0%B7%86%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කළ යුතු නමුදු අන් ආගම්වලට අපහාස කිරීමෙන් වැළකී සිටිය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දෙනවා. පිලිපීනයේ සංචාරයක් අරඹමින් පාප්වහන්සේ කියා සිටියේ අන් ආගම්වලට අපහාස කිරීමේදී ඊට එල්ල වන ප්‍රතිචාරයන්ට ද මුහුණදීමට සිදුවන බවයි.

මෙය විශේෂයෙන් පසුගියදා පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රකාශයක් ලෙස සැලකෙනවා. පැරිස් නුවර උපහාසාත්මක පුවත් සඟරාවක කාටුන් ශිල්පීන් ඇතුළු 12 දෙනෙකු පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා. එම පුවත් සඟරාව මහම්මද්තුමා කාටුන් චිත්‍රවලට නැගීම ඊට හේතුවයි.

මේ අතර, මැනිලා නුවරදී සිය ප්‍රථම දේශනය පවත්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පිලිපීනයේ පැතිර පවත්නා දැඩි සමාජ අසාධාරණයට පහරක් එල්ල කළා. පිලිපීන ජනාධිපති මැදුරේ පැවති උත්කර්ශවත් පිළිගැනීමේ උළෙලේදී පාප්වහන්සේ කියා සිටියේ දුප්පතුන්ගේ හඬට කන්දීම සියල්ලන්ගේ යුතුකමක් බවයි. ආසියාකරයේ වැඩිම කතෝලික බැතිමතුන් පිරිසක් වෙසෙන පිලිපීනයේ පාප්වහන්සේ දින 5 ක් ගත කරනවා.

මේ අතර, ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තම ට්විටර් ගිණුමේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා 3 න් ශ්‍රී ලංකාවට ආශිර්වාද ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එහි සඳහන් වන්නේ ‘‘ දෙවියන් වහන්සේ ලක්දිව ආශිර්වාද කර රැක ගන්නා සේක්වා.’’ යන්නයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories