Update: නිදහස් පක්ෂ සභාපති ධුරය ජනපති මෛත්‍රීට.

Friday, 16 January 2015 - 15:54

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ වන විට කොළඹ පදනම් ආයතනයේදී රැස්ව සිටිනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගිවීමට මීට ටික වේලාවකට පෙර පැමිණියේ කථානායක චමල් රාජපක්ෂ සමඟයි.

අද රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිරිනැමුණු බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙන බවයි. පාක්ෂිකයන්ගේ ආරක්ෂාව සහ පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ වගකීම පිළිබද අවධානය යොමු කරන ලෙස ද ඔහු එමගින් ඉල්ලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව සාමාජිකයින් 69 දෙනෙකුගෙන් සමන්විතයි. මෙම රැස්වීමෙන් පසු පක්ෂයේ විධායක සභාව ද රැස්වන අතර එය නියෝජනය කරන සාමාජිකයන් 241 දෙනාගෙන් බොහෝ දෙනෙකු මේ වන විට පදනම් ආයතනය වෙත පැමිණ තිබෙනවා.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

ශ්‍රී.ල. නි.ප. සභාපති ධුරය අද ජනපති මෛත්‍රීපාල සිරිසේනට. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories