Update: B.M.I.C.H පරිශ්‍රයේ තිබූ හිමිකරු නැති කන්ටේනර් 3ක ටී - ෂර්ට් සහ පරිගණක.

Friday, 16 January 2015 - 16:14

Update%3A+B.M.I.C.H+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+3%E0%B6%9A+%E0%B6%A7%E0%B7%93+-+%E0%B7%82%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබූ කන්ටේනර් 3ක් අද (16) විවෘත කළ බව පොලීසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමට සූදානම් කළ භාණ්ඩ ඒවායේ පවතින බවට ලද තොරතුරුවලට අනුව මීට පෙර මෙම කන්ටේනර් මුද්‍රා කළ බවයි. එසේම ඒ අනුව මෙම කන්ටේනර්වල තිබී ටී - ෂර්ට් සහ පරිගණක තොගයක් සොයා ගත් බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, ගාල්ල - පෝද්දල -  ඕපාත ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබී අංක තහඩු නොමැති ජීප් රථයක් පොලීසිය අද සොයා ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගේ රියදුරෙකු විසින් අලූත්වැඩියා කටයුත්තක් සඳහා බව පවසා මෙම ජීප් රථය අදාළ ගරාජයට ගෙනැවිත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. වාහනයක් කොටස් කර විකිණීමට උත්සාහ කරන බවට ලද තොරතුරකට අනුව එහි ගිය පෝද්දල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම ජීප් රථය සොයාගෙන තිබෙනවා. අදාළ ජීප් රථය පිළිබඳ සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ ජීප් රථයේ එන්ජිමේ කොටසක් ගලවා ඉවත් කර ඇති බවයි.

කිරුළපන ප්‍රදේශයේ ගරාජයක තිබී අංක තහඩු සහ හඳුනාගැනීමේ සලකුණු වෙනස් කරමින් තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ 4 ක් ද පොලිසිය ඊයේ සොයා ගත්තා. ඉන් 2ක් රජයට අයත් ඒවා වීම ද විශේෂත්වයක්. එසේම වයඹ පළාත් සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී අබ්දීන් එහෙයියාගේ මදුරංකුලියේ නිවසේ තිබී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් මුන්දලම පොලීසිය අද තම භාරයට ගත්තා.



Update: Friday, 16 January 2015 - 07:27 PM
....................................................................
බණ්ඩාරනායක පරිශ්‍රයේ තිබූ කන්ටේනර් 3කින් ටී - ෂර්ට් සහ පරිගණක හමුවේ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබූ කන්ටේනර් 3ක් අද (16)  විවෘත කළ බව පොලීසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමට සූදානම් කළ භාණ්ඩ ඒවායේ පවතින බවට ලද තොරතුරුවලට අනුව මීට පෙර මෙම කන්ටේනර් මුද්‍රා කළ බවයි. එසේම ඒ අනුව මෙම කන්ටේනර්වල තිබී ටී - ෂර්ට් සහ පරිගණක තොගයක් සොයා ගත් බව ද ඔහු කියා සිටියා. කන්ටේනර් එම ස්ථානයට රැගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබදව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories