කේ.පී. අත්අඩංගුවට ගන්නැයි ජ.වි.පෙ. හෙට අධිකරණයට.

Sunday, 18 January 2015 - 12:35

%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධානියා වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල කියා සිටියේ හෙට දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, කේ.පී. ට එරෙහි අදාළ චෝදනා ගොනු කිරීමට නියමිත බවයි.  

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. 2009 වසරේ සැප්තැම්බරයේ මැලේසියාවේදී ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එනු ලැබුවා. පසුව මෙරට ආරක්ෂක අංශ යටතේ පුනරුත්ථාපනය ලැබූ ඔහු මේ දක්වා කිලිනොච්චියේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයේ ප්‍රධාන භාරකරු ලෙස කටයුතු කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories